Search
  • Viraj Malaka

අන්තවාදී කණ්ඩායම් විසින් සිදුකරන සමාජ ජාලා පිටු Report කිරීම් වලක්වා ගැනීමට උපදෙස්.

Updated: Apr 24, 2019



ඔබ දැනටමත් ශ්‍රි ලංකාව තුල ඇති වෙලා තිබෙන තත්වය ගැන දැනුවත් ඇති. එහෙත් ඔබ දන්නවාද අන්තවදී කන්ඩයම් සංවිධානාත්මකව ලාංකීය සමාජ ජාලා පිටු Report කරන මෙහයුමක් ක්‍රියාත්මක කරන වග. මෙයින් අන්තවාදීන් ලාංකිය ජනතාව වෙත තොරතුරු ගලා යාම අඩපන කිරීමට උත්සහ දරන අතර ඔව්නට අවශ්‍ය අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමටද උතසහ දරයි. එහෙයින් ඔබගේ සමාජ ජාලා පිටු Report වීමෙන් වලක්වා ගැනීමට පහත සදහන් ක්‍රියාවන් නොපමාව ක්‍රියත්මක කරන්න.


අන්තවාදී කණ්ඩායම් විසින් සංවිධානාත්මකව සිදුකරන සමාජ ජාලා Report කිරීම් වලක්වා ගැනීමට උපදෙස්.


මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සමාජ ජාලා පිටු මෙන්ම සමාජ ජාලා ගිණුම් බොහෝමයක් ඉතාමත් අවාසනාවන්ත ලෙස report වී block වී යනු දකින්නට ලැබෙන අතර එයින් ගැලවී සිටීම සඳහා උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

ඔබේ ෆේස්බුක් පිටුව ශ්‍රී ලංකාවට තුල ජනතාවට පමණක් පෙනෙන ලෙස audience settings වෙනස් කරන්න. එමගින් පාකිස්ථානය, බංගලාදේශය වැනි රටවල් වල සිට සිදුකරන ස්වයංක්‍රීය ප්‍රහාර වලින් ආරක්ෂා විය හැකිය. උණුසුම පහව ගිය පසු නැවත audience settings පෙර තත්ත්වයට සකසන්න.


මේ සඳහා Settings -> General -> Country Restrictions යන option එක භාවිතා කළ හැක.





පෝස්ට් වල සහ tweet වල ඉංග්‍රිසි බසින් 'මුස්ලිම්, ඉස්ලාම්,ජිහාඩ්, අයිසිස්' වැනි වචන සටහන් කරන්න එපා. එවැනි වචන අඩංගු පෝස්ට් ස්වයංක්‍රීයව search වී, report විය හැකි මෘදුකාංග අන්තවාදී කණ්ඩායම් සතුයි.

පෝස්ට් වල සහ tweet වල අසභ්‍ය වචන සටහන් කරන්න එපා. එසේ කිරීමෙන් ඔබේ ගිණුම රිපෝට් කිරීම පහසු වෙයි. නිතරම සෞම්‍ය භාෂාවකින් අදහස් දක්වන්න.


ඔබේ පෞද්ගලික ගිණුම්වල සිටින නාඳුනන අන්තවාදී අන්‍යාගමිකයන් ඉවත් කරන්න. ජනප්‍රිය (viral) වෙමින් පවතින්න පෝස්ට් සහ page මොනවාද යන්න ඔවුන් හඳුනාගන්නේ ඔබේ ගිණුම් වල share කර ඇති පෝස්ට් වලිනි.

නාඳුනන fake ගිණුම් ඔබේ මිතුරන් ලෙස තබාගන්නට එපා! මිතුරන් (friends) විසින් සිදුකරන report කිරීම් බාහිර පුද්ගලයන් සිදුකරන report කිරීම් වලට වඩා භයානකයි.


හැකි සෑම විටම වැදගත් පෝස්ට් වලට කුමන හෝ comment එකක් සටහන් කරන්න. පෝස්ට් එකක් යටතේ ඇති comment ප්‍රමාණය වැඩි වෙද්දී report කිරීමට අවශ්‍ය report ප්‍රමාණය අනුරූපව වැඩි වන රටාවක් පවතී.


බොහෝ ශ්‍රී ලාංකික සමාජ ජාලා පිටු දැනටමත් මේ ආකාරයෙන් ඉවත් වී ඇත. ඔබට සමාජ ජාලා පිටුවක් නැතත්, දැනට ඉතිරි වී තිබෙන ගිණුම් ආරක්ෂා කරගැනීම සඳහා හැකි සෑම විටම කටයුතු කරන්න යුහුසුළු වන්න.


අප මුහුනදී තිබෙන මේ අවාසනාවන්ත මොහොතේදී සත්‍ය තොරතුරු පමනක් බෙදා හැරීමට කටයුතු කරන්න.

16 views0 comments

Recent Posts

See All

Designed and developed by napstersecurity.com

All rights reserved ©  napstersecurity.com

  • YouTube Social  Icon
  • Facebook Social Icon
  • LinkedIn Social Icon